Sunday, July 11, 2010

තිලීපන්ගෙ කොටි උපවාසෙ vs වීරවංසගෙ සැප උපවාසෙ



මාරාන්තික උපවාස ලංකාවෙ කොච්චර තිබිල ඇද්ද?උත්තරය දන්න කෙනෙක් අත උස්සන්න.
මාරාන්තික උපවාස කියන්නෙ මොනවටද?
ඉල්ලීම ලැබෙන කම් උපවාසය.නැත්නම් මරනය.මේක විහිලුවක් වත් ෆන් එකක් වත් නෙමෙයි.කෙලවර වෙන්න පුලුවන් එක්කො ඉල්ලීම් ලැබීමෙන්.නැත්තං උපවාසකාරයගෙ මරනෙන්.
දැන් එතකොට එහෙම "මාරාන්තික" උපවාස කොරල ලංකාවෙ කි දෙනෙක් මැරිල තියනවද?
උත්තරය දන්නව වුනත් අත උස්සන්න එපා.තමුන්නැහෙල දේසද්‍රෝහියො වෙයි.
එහෙම මලේ එකම එක කෙනයි.ඒ කොටි "ත්‍රස්තයෙක්" වුන තිලිපන්.

විමල් බොස් එක්සත් ජාතින්ගෙ සංවිදාන කාර්යාලෙ ඉස්සරහ කොට්ටෙකුයි මෙට්ටෙකුයි දාගෙන ඇත්තටම පත බෑ වි ගත්තෙ තිලිපන්ට තියන රැකෝඩ් එක කඩන්න බොක්කෙන්ම හිතාගෙනද?දෙයියො දනී .වීරවංස සහ ගෝ‍ඨාබය - එයාලත් දනී.හුදී ජනයා නම් නොදනි.
තමුන් අදහන දෙයක් වෙනුවෙන් බඩගින්නෙ ඉදල මැරෙන එක සෙල්ලමක් නෙමෙයි.
තිලිපන් අවුරුදු 23කට උඩදි කොරපු දේ කොරඥ්ඥං කියල විමල් බොස් උපවාසෙට සැට් වුනාය කියලම හිතමුකො.ඒත් ඒ කොටි ත්‍රස්තයාට තිබුන හයිය තමුන්ට නැතෙයි කියන එක වීරවංස ඊයෙ හැන්දෑවෙ පෙන්නුව.
ඉල්ලිම ලැබුනෙත් නැහැ.මැන් කි බුන් බලු මයිලෙකට ඉල්ලිම ගැන ගනන් ගත්තෙත් නැහැ.වීරවංස මලෙත් නැහැ. සාමාන්‍ය කොටි ත්‍රස්තයෙක්ට තිබුන හයිය ලංකාවෙ දේසප්‍රේමයට අධි ගෘහිත දේවතාවාටවත් නැති එක ගැන තමුන්නැහෙලයෙ කල්පනාව කොහොමද?
ඒක සිංහලයගෙ අභිමානෙට එච්චර සෙට් වෙන්නෙ නැහැ කියලයි පුලස්ති අවංකව හිතන්නෙ.

තිලිපන් කොරපු දේ වීරවංසට කොරන්න බැරි වුනේ ඇයි?හේතු දෙකක් හින්ද ඒක එහෙම වුනා.

1.තිලිපන් මුලු සරිරෙන්ම ෆයිට් එකේ හිටපු ඩයල් එකක්.කොටි ගැන ලොකු විරෝදයක් පුලාට තියනව.ඒත් මොන විවේචන තිබුනත් තිලිපන්ගෙ දේසපාලනේ ඇඩ් එකට කොරපු එකක් නෙමෙයි.තමුන් උපවාස කොරනව කියල බිල්බෝඩ් ගහගන්න උනක් උන්නැහෙට නොතිවුනෙ ඒකයි.ඉන්දියන් හමුදාව ආපු එක ගරිල්ලා කාරයෙක් විදිහට තිලිපන්ට සිරා ත්‍රෙට් එකක්.මැරෙන්නම බලාගෙන බොක්කෙන්ම උන්නැහෙ උපවාසෙට වාඩි වෙන්නෙ ඒකයි.
වීරවංස තමුන් කොරනව කියන ෆයිට් එකේ ඉන්නෙ සරීරෙන් නෙමෙයි කටින් විතරයි.පහුගිය වංගියෙ විරවංස ගැන හාවක් හූවක් තිබ්බෙ නැහැ.මහින්ද චන්දෙ දින්නට පස්සෙ ටොයිලට් පේපර් එකක් වගේ මදේ නැති ඇමැති කමක් ඇගේ ගහල සින් එකෙන් අයින් කොරල තිබ්බ වීරවංසට ප්‍රසන්ට් මාර්ක් කොරගන්න තියන උවමනාව හැර වෙන කිසි දෙයක් මේ සිද්දියෙ පුලාට පේන්නෙ නැහැ.
ඇත්තටම මැරෙනකම් උපවාස කොරන්න තරම් මේ පුරස්නෙ බරපතල වෙලත් නැහැ.එහෙව් එකේ බිල්බෝඩ් අගනගරෙ පුරා ගහගෙන තමුන්නෙ නාම ආයෙ පත්තර හෙඩ්ලයින් වලට අරගෙන විරවංස කොලේ පොලිටිකල් ඇඩ් එකක්.මුන් කී බැන් කමිටුව අකුල නොගත්තත් මුන්නැහෙ උපවාසෙන් නැගිට්ට ඒකයි.මොකද මැරුනොත් මේ ඇඩ් එකෙන් එන සල්ලි ගන්න බැහැ.

2.තිලිපන්ට අත හරින්න ගොඩක් දේවල් තිබ්බෙ නැහැ.ඒත් විරවංසට අත්අරින්න ගොඩක් දේවල් තියනව.තමුන‍්නෙ සැප ලයිෆ් එක,හෝකන්දර මාලිගාව,ජවිපෙන් අයින් වුනාට පස්සෙ අමාරුවෙන් මේන්ටේන් කරගත්ත සුඛෝපභෝගී ‍ෆිගර් එක - මෙව්ව දාල යන එක සෙල්ලම් වැඩක්ද?කොටි ත්‍රස්තයට තමුන්නෙ ලයි‍ෆ් එක සැක්රිෆයිස් කොරන එක සිමපල් වැඩක් වුනාට "දේසප්‍රේමියා"ට එහෙම නැහැ.කොටි ලයිෆ් එකේ නැති අත් හරින්න අමාරු ගොඩක් ආතල් දේවල් දේසප්‍රේමී ලයිෆ් එකේ තියනව.

තමුන් අදහන අරමුනක් වෙනුවෙන් දේසපාලනේ කොරනවයි බිස්නස් එකක් විදිහට දේසපාලනේ කොරනවයි කියන්නෙ දෙකක් කියන එකයි තිලිපන්ගෙ උපවාසෙයි වීරවංසගෙ සහ‍වාසෙයි අපිට උගන්නන පාඩම.                

පලවෙනි කෙනාට උපවාසෙ කියන්නෙ දේසපාලන වි‍රෝදය දක්වන මෙතඩ් එකක්.දෙවනියාට උපවාසෙ කියන්නෙ බිස්නස් එක ප්‍රමෝට් කොරගන්න ඇඩ් එකක්.පලවෙනි කෙනාට ජිවිතේ කියන්නෙ දේසපාලනය.දේසපාලනේ වෙනුවෙන් ජිවිතේ සැක්රිෆයිස් කොරන එක ඒ හින්ද කොරන්න පුලුවන්.දෙවෙනි කෙනාට දේසපාලනය කියන්නෙ ජිවිතේ ගෙනියන්න තියන සැප ක්‍රමයක්.දේසපාලනේ හින්ද ජිවිතේ කැප කොරන එක ඒ හින්ද මේ ආත්මෙට වෙන්නෙ නැහැ.


විරවංසගෙ ඇඩ් එක සිරා වැඩක් කියල හිතාගෙන චියර් දාන උන්නැහෙල ගැන කියන්න තියෙන්නෙත් ඕකම තමයි.රට ජාතිය ගැන කටින් මොන ටෝක් දුන්නත් මැරෙන්නම උපවාසයක් කොරන්න කතා කලොත් ඔය එක මද්දියම පංතික ජාතිප්‍රේමියෙක් පැත්ත පලාතක එන්නෙ නැහැ.තමුන්නෙ සැප ජීවිත අත්අරින එක එච්චර ලේසි සෙල්ලමක් නෙමෙයි.
අපිව අන්දවන්න එන අයගෙ ඇන්දවිල්ල පෙන්නන්න - වීරවංස කොලා වගේ මෝඩ ඇඩුත් සිරා කියල හිතාගෙන රැවටෙන උන්නැහෙලා ඉන්න රටක සාක්සරතාවෙ 95% වුන එක මොන තරම් විහිලුවක්ද කියුවනං?

11 comments:

  1. පුලෝ, හොඳ සටහනක්. මා බලාගෙන ඉන්නෙ පෙරමුණේරාළ ලියන පිළිතුරු ලිපිය කියවන්න.

    - Taboo

    ReplyDelete
  2. විමල් අයිය කැපී පෙනෙන්න පොඩි රඟපෑමක් කලාට දන්නෝ නම් දැනගෙන හිටිය බුවා ඉක්මනටම නැගිටිනව කියල.මේක ලොක්කගෙ ඉදන් කට්ටියගෙම නෝන්ඩි ප්ලෑන් එකක්.අපේ අය බටහිර රටවල් එක්ක පුදුම තරහක් තියෙන්නෙ.ඒ ඇයි කියල මටනම් හිතා ගන්න බෑ.කොහොම උනත් පාලිත කොහොන නම් ටක්කෙටම කිව්ව විමල් අයිය දවස් තුනකට වඩා ඔය උපවාසෙ කරන්නෙ නෑ කියල.

    ReplyDelete
  3. අන්න අන්න වැරදුන තැන.
    අපේ විමල් කොලුවාගේ දේසපානනේ සම කොරන්න එපා තිලිපන්ට.
    එයාට කාර් එකක් වත් තිබුනද. ඇඩ් එකක් වත් දාගන්න පිචිචියක් තිබුන කොලුවෙක්ද තිලි..
    ඒ වගේද විමල. කොහොමද අඩ් ටික පාරෙ අයිනෙ තිබුන.
    ඒක කියවල බැංකි මුන් කමිටුව අස්කර ගන්නලු හිටියේ. කෝ ඉතින්
    ජනාදිපතිතුමා දුන්නෙ නැනොවැ චාන්ස් එක. පොර වලකජජ ගැහුවොත්
    ගැනියි ලමයටයි රස්සාවක් දෙන්නවුනොත්කියලා බයවෙලාද දන්නෙ නැ නැගිට්වුවෙ.

    ReplyDelete
  4. බලන්න පුලස්ති.. මෙ බොරු අල්ලන් මෙ රාජ්‍යමාධ්‍ය වල ඉන්න මිනිස්සු රටෙ ඉන්න දුප්පත් මිනිස්සුන්ව කොච්චර නොමග යවනවද කියලා, ඇත්තටම මට මෙ රටෙ ඉන්න බහුතරයක් මිනිස්සු ගැන පුදුමයි.මෙච්චර දෙවල් බල බලත් කිසිම සද්දයක් නැතුව ඉන්න හැටි. හිමිට හිමිට ගිහින් එකම පාර ලොකු කඩාවැටිමක් සිද්ද වෙයි වගෙ.

    ReplyDelete
  5. විම්ල් උන්නෑහේට උන ඈත්තම සීන් එක මේකයි.මිනිහට තියන යක්ශ බෑල්මක් හොද ක‍ර ගන්න කට්ටඩියෙක් දුන්න උපදෙස තමයි දවස් 3ක් නොකා ඉන්න එක.ඒකත් ජයසිරි මංගලම් කියල විමල්ගෙ ටිකිරි මොලේට ආව අදහස තමයි ඔය අල්ල පනල්ලෙම මූන් ට දෙන්නම් ජම්බු කියලා ඔය වාඩි උනේ.බඩගින්න වෑඩිකමට වතුර පොවන්න ආපු ලොක්කත් මූනා වගෙ දෑකලා සීන් එක නෑවෑත්තුවා.ඉතින් කාටද ආඩම්බ‍ර?

    ReplyDelete
  6. කිව්වත් වගේ සාක්ෂරතාවය අච්චර ඉහල අගයක් තිබිලත් අපේ රටේ කස්ටිය වැඩි දෙනෙක් කන්නේ තණකොලද කියලත් හිතෙනවා පුලෝ මේ වෙන වැඩ දැක්කාම. . .

    ReplyDelete
  7. සහතික ඈත්ත පුලා. මට සැකයි වීරවංශ බිස්නස් එකට දේශපාලනේ කරනවා වගේ, අපේ උනුත් තමන්ගෙ ප්‍රශ්නවලින් පැනල යන්න දේශප්‍රේමය කරනවද කියලා. මාත් ආසයි පෙරමුණේ රාළ ඈතුළු කාගෙ හරි පිලිතුරක් බලන්න.
    නුවරපාර නම් කවියක් ලියල විමල්ගෙ තත්වෙට ටිකක් ලංවෙලා තිබුණා.

    ReplyDelete
  8. ඔව්වට මිනිස්සු රැවටෙනවා කියල මම හිතන්නෙ නැහ... ඒ තරම්ම මෝඩ වෙන්න බැහ නේද... ඒත් මිනිස්සු ඒ ගැන කතා කරන්නෙ නැහ... විරුද්ද ව කතා කරන්න බය මම හිතන්නේ..

    ReplyDelete
  9. මතකද පොරගේ පහුගිය දවස් වල ඇග පත දාලා ආපු විදිහ. බඩ එහෙමත් ඇවිත් තිබුණා. ඩොක්ටර් කෙනෙක් කියලා තිබුණා බඩ එහෙම අඩු කරගන්න කියලා. ඒ අතරේ තමයි ලොක්කා මේ කොන්තරාත් එකත් දෙන්නේ. අනිත් එක මුස්ලිම් අය නෝම්බි අල්ලන සිස්ටම් එක දන්න කෙනෙකුට දවසක් දෙකක් කෑම නැතුව ඉන්න එක සිම්පල් බව දන්වානේ. හැබැයි විමලයා නම් නොකා හිටියා කියලා විශ්වාස කරන්න බෑ. මොකද දවස් දෙකට ඔච්චර මාරාන්තික වෙන්න බෑනේ. මූගේ රගපෑම පොඩ්ඩක් ඕවර්. කොහොමත් ඉතින් අපේ දේශප්‍රේමී සෙට් එක චාටර් වෙලා ඉන්න වෙලාවේ නැගලා යන ගේමක් දෙන්නයි විමලයා සෙට් වුනේ.

    ReplyDelete
  10. බලුවංශ රැවටිල්ලක් කළ බව නොදන්න කෙනෙක් නෑ.එකම වචන සෙට් එකක් හතර අතට කරකවන බලුවංශ ඔය කියන තරම් දේශප්‍රේමියෙකුත් නොවෙයි.බලුවංශට තියෙන්නේ පෞද්ගලික න්‍යාය පත්‍ර.

    හැබැයි ඔය තිලීපන් වත් මැරුව මිස උපවාසෙන් මැරුණ නොවෙයි.වතුර ඉල්ලද්දි තිලීපන්ගෙ තාත්ත වතුර දෙන්න යද්දි කොටි ඒක වැලැක්කුවා.කොටින් ට ඕන වුනේ මළ මිනිය වෙන්දේසි කරන්නයි.තිලීපන් මැරුණෙත් අසනීපයක් උග්‍ර වෙලා කියලයි වෛද්‍ය වාර්තාවෙ තියෙන්නෙ

    හැබැයි බලුවංශට සාපේක්ෂව නම් නම් තිලීපන් ශ්‍රේෂ්ටයෙක් තමයි

    ReplyDelete